සණස සමිති සඳහා වූ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන – 2026.05.22

By: Udesh Henatikumbura0 comments

මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් සමුපකාර සමිති වල ගරු අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වන ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2026.05.22 වන සිකුරාදා දින සී/ස දුම්බර සණස සමිති සංගම් ශාලාවේ  දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සම්පත් දායකත්වයෙන් මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමිත දුනුකේපොත මහතා එක් වූ අතර මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් තුමිය සහ එම කාර්ය මණ්ඩලය , දුම්බ්ර සණස සංගමයේ ගරු සභාපති තුමා ඇතුලු කාර්ය මණ්ඩලය , මහනුවර දිස්ත්‍රික්කයේ සමුපකාර සහ සණස සමිති වල ගරු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ලෙස අසූ පස් දෙනකු  (85) පමණ සහභාගී වූහ.

← Back

Thank you for your response. ✨

Related post

Leave A Comment