ඉතුරුම් හා ආයෝජන ගිණුම්
ඔබේ අනාගත සැලසුම් සාර්ථක කරගැනීම පිණිස පොලී උපයාගත හැකි ගිණුමක් ඔබ හෝ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ආරම්භ කර, වඩාත් හොඳ හෙට දවසක් උදෙසා අද සිට ම ඉතිරි කරන්න.
2000 වසරේ සිට විසි වසරක් පුරාවට අපගේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් දස දහස් ගණනක් වූ අප ගනුදෙනුකරුවන්ගේ සිහින් අපේක්ෂාවන් ඉටු කරමින් සාර්ථක විසි වසරක් මේ මොහොතේ සනිටුහන් කර සිටින්නෙමු. ඔබගේ ගනුදෙනු කටයුතු වඩාත් පහසු කරගැනීම සඳහා අප තවත් නව්‍යකරණය වෙමින් සිටින්නෙමු.
ඔබගේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට නව්‍ය බැංකු සේවා සමගින් ප්‍රදේශය පුරා විහිදුනු ශාඛා ජාලය.
නව්‍ය බැංකුකරණ සේවා අත්දැකීම සමගින් ඔබේ ගනදෙනු දැන් ඔබේ ඇඟිලි තුඩු දුරින්.
ඔබගේ සියලුම ගනුදෙනු SMS පණිවිඩ මගින් ඔබේ දුරකතනයට.
ගනුදෙනුකරුවන්ට අප සැපයූ සේවාව අගය කිරීම සඳහා අප බැංකුව සම්මාන රැසකින් පිදුම් ලබා ඇත්තෙමු.
දිගන, තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය,වත්තේගම, හසලක යන ප්‍රදේශ වල පිහිටි අප දුම්බර සණස බැංකුවේ ශාඛා කාර්යාල මගින් ඔබට අපගේ සියලුම සේවාවන් ලබාගත හැකිය.
ඔබ වෙතට පැමිණෙන අප බැංකුවේ ක්ෂේත්‍ර නිලධාරී මහත්වරුන් මගින් ඔබගේ ගනදෙනු තවත් කඩිනමින් සිදු කර ගැනීම සඳහා අප විසින් අප බැංකු සේවාව තවත් පුළුල් කර ඇත.
විසි වසරක් පුරාවට ප්‍රාථමික සමිති හා ගනුදෙනුකාර ඔබ සැම සමඟින් ඉදිරියට පැමිණි අප බැංකුව නව ලොව තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින් වඩාත් ආකර්ෂණීය හා විශ්වාසවන්ත බැංකු සේවාවක් ඔබ වෙතට ලබාදෙමින් ඔබගේ සියලුම මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් සාර්ථකව ඉදිරියට ගමන් කර සිටින්නෙමු.
"අභිමානයෙන් පෙරට".
"සමුපකාර ක්ෂේත්රයේ විශිෂ්ටයා වීම"
සණස සමිති ශක්තිමත් කරමින් ගණුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යන ත්‍යාගශීලී පාරිභෝගික සබදතා ගොඩනගිමින් ප්‍රශස්ථ ලෙස සම්පත් උපයෝජනයෙන් හා නව්‍යකරණය තුලින් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රගතිය හා සංවර්ධනය සදහා හවුල්කරුවා ලෙස ක්‍රියා කිරීම.

2000 වර්ෂයේ සිට ප්‍රාථමික සමිති 25 කට අධික ප්‍රමාණයකට නායකත්වය දෙමින්ද ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර දෙමින් ප්‍රදේශයේ බැංකුකරුවා වෙමින් ඉමහත් සේවාවක් සිදු කරනු ලබන සමුපකාරික ආයතනයකි.
බල ප්‍රදේශය පුරා විසිරී ඇති සමූපකාර ආයතන විසිපහකට අධික ප්‍රමානයකට නායකත්වය ලබා දෙමින් එම ආයතන වල උන්නතිය උදෙසා කටයුතු සිදුකිරීම.
රුපියල් මිලියන හයසිය හැටකට අධික වත් කමකින් යුත් අප ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ රුපියල් මිලියන පන්සීය පනහකට අධික තැන්පතු මුදල් සඳහා ආරක්ෂාව ලබා දෙමින් හා රුපියල් මිලියන පන්සීය විස්සකට අධික මුදලක් තම ගනුදෙනුකරුවන් වෙත ණය නිකුත් කරමින් තම ප්‍රජාව ගේ මුල්‍ය හවුල්කරුවා බවට පත්වීම.

වසර දෙදහසේදී රජවැල්ල රණවිරු ප්‍රජා ශාලාවක ආරම්භ කරන ලද අප සංගමය වර්තමානය වන විට රුපියල් මිලියන 660 කට අධික වත්කමකින් යුක්තව සිය ශාඛා කාර්යාල හයක් දක්වා ව්‍යප්ත වෙමින් තම ප්‍රජාව ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් සිටී.
රජවැල්ල රණවිරු ප්‍රජා ශාලාවක අප සංගමය ආරම්භ කිරීම.
2006-04-01 09.57 යෙදුන සුබ මොහොතින්අ පේම තැනකට යෑමේ බලාපොරොත්තුව මල්ඵල ගන්වමින් දුම්බර සංගමයේ නව ගොඩනැගිල්ලකට ප්‍රවිෂ්ඨ වීම.
අප සංගමයේ පළමු ශාඛා කාර්යාලය තෙල්දෙණිය නගරයේ ආරම්භ කිරීම.
අප ආයතනයේ දෙවන ශාඛාව මැණික්හින්න නගරයේ ආරම්භ කිරීමත් ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල ඒකාබද්ධ කරමින් නව පරිගණක ගත ගිණුම් පද්ධතිය ආරම්භ කිරීම.
අප ආයතනයේ තෙවන ශාඛාව උඩුදුම්බර නගරයේ ආරම්භ කිරීම.
අප ආයතනයේ සිව්වන ශාඛාව වරාපිටිය නගරයේ ආරම්භ කිරීම.
අප ආයතනයේ පස්වන ශාඛාව වත්තේගම නගරයේ ආරම්භ කිරීම.
ගණුදෙනුකරුවන්ගේ කටයුතු වඩාත් පහසු කරගැනීම සඳහා එස්එම්එස් බැංකු සේවාව අන්තර්ජාල බැංකු සේවාව හඳුන්වාදීම හා ආයතනයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම.

ගරු සභාපතිතුමා ප්රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයේ හත් දෙනෙක් ගෙන් සමන්විත ගරු අධ්‍යක්ෂක මණ්ඩලයකින් ද සාමාන්‍යාධිකාරී ප්රමුඛ විධායක කළමනාකාරීත්වයකින් හා ආයතනයේ සෙසු කලමනාකාරන මණ්ඩලයකින් යුක්ත ව අප ආයතනය පාලනය වනු ලබයි.
අප ආයතනය මහ බැංකුවේ විශේෂ බලපත්‍රලාභි සමුපකාර ආයතනයකි තවද අප ආයතනය සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
සමුපකාර දෙපාර්තමේන්තුව මගින් සිදුකරන වාර්ෂික විගණන මගින් ආයතනයේ මූල්‍ය සුරක්ෂිතතාව වඩාත් තහවුරු කෙරේ

අපගේ නවතම යාවත්කාලීන සිදුවීම්, නිවේදන හා ප්රවෘත්ති.