මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් තුමාගේ සුභපැතුම් පණිවිඩය.

By: Indika Jayakody

දුම්බර සණස  සංගමයේ 20 වන සංවත්සරය සඳහා සුභපැතුම් පණිවිඩයක් ලබාදීමට හැකිවීම පිලිබඳ සතුටු වෙමි.

ශ්‍රී ලාංකික සමූපකාර ව්‍යාපාරයේ ජන්ම භුමිය දුම්බර මිටියාවතයි.එම සමුපකාර ලක්ෂණ ප්‍රකට කල ගොවි සමිතියේ ණය අතුරු ශාඛාව ශ්‍රි ලාංකික සමුපකාරිකයන් සඳහා ඉදිරි මඟ පෙන්වන්නට සමත් විය. එකී  ප්‍රෞඩ  ඉතිහාසයක ඓතිහාසික අයිතිවාසිකම් අනාගතයට සුරක්ෂා කරමින් සමුපකාර ජීවගුණය තවදුරටත් සමුපකරිකයන්ට බෙදාහරින්නට වර්ථමානය විසින් ඔබ වෙත පවරා ඇති බව වගකිම් සහිතව මතක් කරන්නට කැමැත්තෙමි.

එකී වගකීම ඉටු කිරීම සඳහා ඔබ සමිතිය විසින් පුරා අවුරුදු 23කට අධික කාලයක් සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් කල සේවය පැසසුම් සිතින් අගය කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි.ඒ සඳහා කැප වූ සියලු සමුපකාර නායකයින්ට මාගේ ප්‍රණාමය පුද කරමි.

අවසාන වශයෙන් දුම්බර සමුපකාරිකයන් සඳහා සුවිශේෂී සමුපකාර යහගුණය සපිරි සමුපකාර සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි

අමිල නවරත්න

සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර්

Related post