ග්‍රාමීය ණයගැති භාවය දුරලීම අරමුණින් යුතුව 1906 දී දුම්බර මිටියාවත කේන්ද්‍ර කර ගනිමින් ලාංකීය භුමිය තුල ආරම්භ වූ ණය දෙන සමුපකාර සමිති සංවිධානය සියවසකට අධික කාලයක් තුල ක්‍රමයෙන් සංවර්ශනය වී ඇත. එහිදී ග්‍රාමනිලධාරී වසම් කේන්ද්‍රර කර ගනිමින් නිර්මාණය වූ ප්‍රාථමික ණය දෙන සමුපකාර සමිති වලට සිය සාමුහික ශක්තිය නිර්මාණය කර ගැනීමට ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඇති වු අතර, ඒ සඳහා ප්‍රාථමිත සමුපකාර සමිති විවිධ මට්ටම් වලින් ඒකාරාශී වන්නට විය.මහනුවර දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය ගනුදෙනු ප්‍රාථමික සමුපකාර සමිති වලට ශක්තියක් වූ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් අව්‍ශ්‍ය වූ මොහොතක දුම්බර මිටියාවත කේන්ද්‍ර කරගනිමින් බිහි වූ සිමාසහිත දුම්බර සකසුරුවම් හා නය ගනුදෙනු සමුපකාර සමිති සංගමය සාමාජික සමුපකාර සමිති වලට ශක්තියක් වී ඇත. එකී වසර 20ක් කාලයක් තුල සිය සාමාජික සමිති ඉහලින් ඔසවා තැබීමට දැක්වූ දායකත්වය අගය කරමි.සංගමයේ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක සියළුම සණස සමිති සාමාජිකත්වයට රුකුලක් කර ගනිමින් තව දුරටත් සණස සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමට දුම්බර සණස සමිති සංගමයට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
ඒස්.ඒම්.සි සමරකෝන්
සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස්
මහනුවර දිස්ත්‍රික්කය.

