සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,
ප්‍රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.
(ලි.ප.අං - ම/ප/ස/ 708 ලි.ප. දිනය - 2001-07-25)
දුරකථන : 081-2 376 822
ඊ මේල් : info@dsb.lk
ශාඛා : තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය, වත්තේගම, හසලක.
දුම්බර සණස සමිති සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සණස සමිති ගරු සභාපති සමුළුව වැඩසටහන මෙවර ,මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ක්‍රියාකාරී සණස සමිති 60ක ගරු සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් හා මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර් M.P.W. ශිරෝමනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් , 2026 ජූනි මස 13 වන සෙනසුරාදා දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී සණස සමිතියක අභ්‍යන්තර පාලන ක්‍රම වලට අදාලව තීන්දු තීරණ ගැනීමේ දී ගරු සභාපතිවරයෙකුගේ භූමිකාව සම්බන්ධව දැණුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අභය බි. බුලත්ගම මහතා විසිනි.
දුම්බර සණස සමිති සංගමයේ සාමාජිකත්වය ලබාගත් නව සණස සමිති 07 ක් සඳහා සාමාජික සහතික පත් ප්‍රධානය කිරීමද මෙහි දී සිදු විය.