සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,
ප්‍රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.
(ලි.ප.අං - ම/ප/ස/ 708 ලි.ප. දිනය - 2001-07-25)
දුරකථන : 081-2 376 822
ඊ මේල් : info@dsb.lk
ශාඛා : තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය, වත්තේගම, හසලක.

මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් සමුපකාර සමිති වල ගරු අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වන ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2026.05.22 වන සිකුරාදා දින සී/ස දුම්බර සණස සමිති සංගම් ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට සම්පත් දායකත්වයෙන් මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ සමිත දුනුකේපොත මහතා එක් වූ අතර මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් තුමිය සහ එම කාර්ය මණ්ඩලය , දුම්බ්ර සණස සංගමයේ ගරු සභාපති තුමා ඇතුලු කාර්ය මණ්ඩලය , මහනුවර දිස්ත්‍රික්කයේ සමුපකාර සහ සණස සමිති වල ගරු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ලෙස අසූ පස් දෙනකු (85) පමණ සහභාගී වූහ.