ක්ෂුද්‍ර මුල්‍ය අංශ වල ණය ආයෝජනය සම්බන්ධ නව ප්‍රවනතා පිළිබද දැණුම්වත් කිරීමේ පුහුණු වැඩසටහන හා සණස සමිති කළමනාකරුවන් උදෙසා නිල ඇදුම් පරිත්‍යාග කිරීම – 2025.09.23

By: Udesh Henatikumbura

සී/ස දුම්බර සණස සමිති සංගමයට අයත් සාමාජික සණස සමිති වල කලමනාකරුවන් හා අප සංගමයට අයත් ශාඛා කලමනාකරුවන් මෙන්ම සංගමයේ ණය අංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය අංශ වල ණය ආයෝජනය සම්බන්ධ නව ප්‍රවනතා පිළිබද දැණුම්වත් කිරීමේ පුහුණු වැඩ සටහනක් , ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ  ප්‍රාදේශීීය කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් 2025.09.23 වන අගහරුවාදා දින දුම්බර සණස සංගම් ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ  ප්‍රාදේශීීය කාර්යාලයේ කලමනාකරු චතුර රත්නායක මහතා , දුම්බර සණස සංගමයේ ගරු සභාපති p.k. අබේරත්න මහතා , සංගමයේ සාමාන්‍යාධිකාරී ඉන්දික ජයකොඩි මහතා , සාමාජික සම්බන්ධතා හා පුහුණු කිරීමේ නිළධාරී උදේශ් හීනටිකුඔුර මහතා මෙන්ම සංගමයට අයත් සාමාජික සණස සමිති වල කලමනාකරුවන් හා සංගමයේ ශාඛා කලමනාකරුවන් ලෙස 43 ක් සහභාගී වූහ.

මෙහි දී සුදුසුකම් ලත් සණස සමිති කලමනාකරුවන් වෙනුවෙන් අප සංගමය වාර්ෂිකව සිදු කරනු ලබන නිල ඇදුම් පරිත්‍යාග කිරීමද සිදු විය.

Related post