සාමාජික සණස සමිති කාර්ය මණ්ඩලය වෙනුවෙන් පවත්වන ලද විශේෂ ආකල්ප ප්‍රවර්ධන පුහුණු වැඩසටහන – 2025.08.30 වන සෙනසුරාදා

By: Udesh Henatikumbura

සී/ස දුම්බර සණස සමිති සංගමයට අයත් සාමාජික සණස සමිති 37 ක කාර්ය මණ්ඩලය වෙනුවෙන් වූ විශේෂ ආකල්ප ප්‍රවර්ධන පුහුණු වැඩසටහනක් 2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා දින දුම්බර සණස සමිති සංගම් ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ සමිත දුනුකේපොත මහතා විසිනි. සණස සමිති නියෝජනය කරමින් මෙම අවස්ථාවට කාර්ය මණ්ඩලයේ 60 දෙනෙක් පමණ ද , සංගමයේ ගරු සභාපති පී.කේ.අබේරත්න මහතා සහ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්ම මහත්මීන් , සාමාන්‍යාධිකාරී ඉන්දික ජයකොඩි මහතා , සාමාජික සම්බන්ධතා හා පුහුණු කිරීමේ නිළධාරී උදේශ් හීනටිකුඹුුර මහතා ඇතුලු නිළධාරීන් සහභාගී වූහ.

 

Related post