වර්ථමාන ආර්ථික අභියෝග හමුවේ සණස සමිති නායකයින් සතු කාර්ය භාරයට අදාල එක් දින පුහුණු වැඩසටහන

By: Udesh Henatikumbura

දුමිබර සණස සමිති සංගමය සිය සාමාජික සණස සමිති වල ගරු සභාපතිවරුන් සදහා සංවිධානය කළ , වත්මන් ආර්ථික අභියෝග හමුවේ සණස සමිති නායකයින් සතු කාර්ය භාරයට අදාල එක් දින පුහුණු වැඩසටහනක් 2024 ජූලි මස 27 වන දින දුමිබර සණස ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී. එදින සම්පත් දායකත්වය සපයන ලද්දේ සමුපකාර ව්‍යාපාරය පිළිබද කීර්තිමත් විද්වතකු වන අභය බි. බුලත්ගම මහතා විසිනි.

සංගමයට අයත් සාමාජික සණස සමිති 36 ක ගරු නායකයින් , දුම්බර සණස ගරු අධ්‍යක්ෂ මණ්ඩලය , සාමාන්‍යාධිකාරී තුමා , සාමාජික සම්බන්ධතා හා පුහුණු කිරීමේ නිළධාරී මහතා  මෙම අවස්ථාවට සහභාගී විය.

Related post