සාමාජික සණස සමිති අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය සහ සමිති කලමනාකරුවන් සදහා නිල ඇදුම් පරිත්‍යාග කිරීම

By: Udesh Henatikumbura

දුම්බර සණස සමිති සංගමයේ සාමාජික සණස සමිති 35 ක අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය හා සුදුසුකම්ලත්  සණස  සමිති කලමනාකරුවන් සදහා නිල ඇදුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2024.07.16 දින දුම්බර සණස සංගම් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී. එහිදී සණස සමිති වල 2024 වර්ෂයේ පළමු මාස 06 තුල  ඉලක්ක සාධනය සිදුව ඇති ආකාරය කලමනාකාර මහත්ම මහත්මීන් පැහැදිලි කල අතර ඉන් අනතුරුව සුදුසුකම් සපුරාලන ලද සමිති කලමනාකරුවන් 15 ක් වෙනුවෙන් නිල ඇදුම් පරිත්‍යාග කිරීම සංගමයේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ හා සාමාන්‍යාධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට සංගමයේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය , සණස සමිති වල ගරු සභාපතිවරු , කලමනාකරුවන් හා සංගමයේ කාර්ය මණ්ඩල නිලධාරීන් ලෙස  40 ක් පමණ සහභාගී විය.

Related post