සංගමයේ ගරු සභාපති තුමාගේ පණිවිඩය

By: Indika Jayakody

වර්ෂ 1906 දී ණය දෙන සමුපකාර ව්‍යාපාරය ලාංකීය ජන සමාජය තුල ආරම්භ කිරීමේ ගෞරවය දුම්බර මිටියාවතට හිමිවීම සමුපකාරිකයන් වශයෙන් සතුටට කරුනකි. එම ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ ජනතා නායකත්වයට සහ සමාජිකත්වයට සමුපකාරිකයන් වශයෙන් ගෞරව කිරීම අපගේ යුතුකමකි.
එම ගෞරවය ආරක්‍ෂා කරමින් ණය දෙන සමුපකාර ව්‍යාපාරය ජාත්‍යන්තර සමුපකාර ප‍්‍රතිපත්ති මනා ලෙස කළමනාකරණය කරමින් නව මූල්‍ය වෙළද පොල සහ ප‍්‍රජාවගේ අවශ්‍යතා හදුනාගෙන සමුපකාර අතර සහජීවනය වර්ධනය වන ආකාරයට කුණ්ඩසාල සහ මැදදුම්බර සණස නායකත්වය විසින් දුම්බර සණස සංගමය වර්ෂ 2000 වූ ජනවාරි මස 29 වන දින ආරම්භ කරන ලදි.
සංගමයේ ආරම්භක නායකයින් විසින් නිර්මාණය කළ මෙම දුම්බර සණස සංගමය නව දැක්මකින් ජාතික සංවර්ධනයේ කොටස් කරුවකු වශයෙන් දායක කිරීමට සහ මෙතෙක් ආ ගමන් මග වඩාත් ඔපවත් කරමින්, ආරක්‍ෂා කරමින්, සමුපකාර ප‍්‍රතිපත්ති වලින් සඳහන් තාක්‍ෂණික ක‍්‍රමවේදයන් භාවිතා කරමින් නව ලොවට ගැලපෙන ආකාරයට සංගමය සමුපකාර සමාජය තුල ඉහල තලයකට ඔසවා තැබීමේ වගකීම මාවෙත පැවරෙන ලදි.
එම වගකීම නිසි පරිදි කළමනාකරණය කරමින් සංගමයට ගැලපෙන ප‍්‍රතිපත්ති සකස් කරමින් කීර්තිමත් ආයතනයක් බවට පත් කිරීමට මා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට හැකි විය.
ඒ අනුව සංගමයේ 40 දෙනෙකුගෙන් යුත් සේවක මණ්ඩලයක් දක්වා රැකියා සැපයුමක් කරමින් පාරිභෝගික සේවාවන් කඩිනම් හා ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යෑමට හැකි විය. එසේම සංගමයේ බල ප‍්‍රදේශය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 දක්වා ව්‍යාප්ත කිරීමට හා ශාඛා ජාල 06 දක්වා වර්ධනය කිරීමට හැකි විය.
මෙම කාර්යන් කිරීමේ දී සමුපකාරිකයන් වශයෙන් සාමුහිකව කටයුතු කිරීම මා හට මහත් ශක්තියක් විය. එහිදී සමුපකාර දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආයතන වලින් ලද ශක්තිය මා අභිමානයෙන් සහිපත් කරමි.
මෙම සාර්ථකත්වය සඳහා කාර්ය මණ්ඩලයේ කාර්යක්‍ෂම සහ නිර්මාණ ශීලී භාවය වඩාත් ශක්තියක් විය. ඒ අනුව අනාගතයේ දුම්බර සණස සංගමය සමුපකාර ව්‍යාපාරයේ විශිෂ්ඨත්වයට පත් කරමින් ඉදිරි පරිපුරට දායක කර ගැනීමට හැකීවේවායී මාගේ පැතුමයි.

ඩබ්.එච්.එම්.පී.කේ.අබේරත්න
වර්ථමාන ගරු සභාපති

Related post