ඔබගේ පුද්ගලික බැංකු අවශ්‍යතා සඳහා අපි පුළුල් පරාසයක බැංකු ගිණුම් ඉදිරිපත් කරමු.

ඔබගේ අවශ්‍යතාවය මත දෛනිකව හා කාර්‍ය්ක්ෂමව බැංකු කටයුතු කිරීම සදහාත් ඉතුරුම් අවශ්‍යතාවය මත සීග්‍ර ඉතුරුම් වර්ධනයක් ඇතිකර ගැනීම සදහාත් උපකාර වන ඉතුරුම් ගිණුම් ඇතුළත් වේ. ඔබට ගැළපෙන ගිණුම තෝරාගැනීම සදහා අපගේ බැංකු ගිණුම් සසදා බලන්න.

ළමා ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීමේ පුරුද්ද අපගේ දුවා දරුවන්ට හුරුපුරුදු කිරීම සහ ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික පදනම ඔබේ දරුවා වෙත ප්‍රදානය කිරීම සඳහා අපගේ DSB අරුණළු ළමා ඉතුරුම් ගිණුම අප විසින් ආරම්භ කළෙමු.

  • අවම ආරම්භක තැන්පතුව රු.100/- කි
  • ඉතා ඉහල පොලියක් මාසිකව
  • අලූත් සහ නව්‍යත්වයෙන් යුත් ත්‍යාග
  • දෙමාපියන්ට හෝ භාරකරුට ජීවිත රක්ෂණයක්

වැඩිදුර තොරතුරු

දෛනික ඉතුරුම් ගිණුම්

අපගේ මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය ඔස්සේ ඔබගේ අනාගත අභිලාෂයන් අපේක්ෂා සිහින සාක්ෂාත් කර ගැනීම සඳහා අප විසින් ඔබ වෙත දෛනික ඉතුරුම් තැන්පතු ක්‍රමය හඳුන්වා දී ඇත. ඔබ වෙත පැමිණෙන අපගේ ක්ෂේත්‍ර නිලධාරී මහතුන් හරහා ඔබගේ ඉතිරි කිරීම් දැන් සිදු කරගත හැක.

  • ඉහළ පොලී අනුපාතික.
  • ඔබගේ මුදල් සඳහා ඉහළ ආරක්ෂාවක්
  • විශේෂ ත්‍යාග
  • තැන්පතුවෙන් කොටසක් අත්තිකාරම් ණයක් වශයෙන් ලබාගත හැක

වැඩිදුර තොරතුරු

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට අපගේ ඕනෑම බැංකු ශාඛාවකින් ඉතිරිකිරීම් ගිණුමක් ආරම්භ කළ හැකිය. අන්තර්ජාල සහ SMS බැංකුකරණ පහසුකම සමගින් ඔබට ඔබේ ගණුදෙනු සමගින් පහසුවෙන් යාවත්කාලීන විය හැක.

  • ඉහළ පොලී අනුපාත
  • බද්ධව ගිණුම් ආරම්භ කළ හැකිය
  • ඉතා ඉහල විශ්වාසය සහ සුරක්ෂිතතාව
  • තැන්පතුවෙන් කොටසක් අත්තිකාරම් ණයක් වශයෙන් ලබාගත හැක

වැඩිදුර තොරතුරු

ජේෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම්

වයස අවුරුදු 55 ඉක්මවූ ඕනෑම කෙනෙකුට ජේෂ්ඨ පුරවැසි ගිණුමක් ආරම්භ කළ හැකි අතර ඔබගේ විශ්‍රාම යාමෙන් පසුව ජීවිතය අලුතින් පටන් ගැනීමට අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ‘ජේෂ්ඨ පුරවැසි’ ගිණුම හඳුන්වා දීමට අප බැංකුව කටයුතු කර තිබේ.

  • අවම මූලික තැන්පතුව රු.500/-කි
  • ඉහල පොලී අනුපාතිකයක් හිමි වේ
  • බහුවිධ ඩිජිටල් බැංකු පහසුකම්
  • ඉතිරුම් ශේෂය අනුව ලබා දෙන ආකර්ෂණීය ණය පහසුකම්

වැඩිදුර තොරතුරු

lama diposit