ඔබේ මුදල් ආයෝජනය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේද?

අන්තර්ජාල බැංකුකරණය සහ අපගේ ජංගම යෙදුම සමගින් ඔබේ අයෝජන ගිණුම් සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතරම ඔබට ඉතා ඉහල පොලී අනුපාතිකයක් යටතේ ඔබගේ අයෝජනය සදහා ඉහලම ආරක්ෂාව.

වසර විස්සකට අධික කාලයක සිට ඔබගේ ආයෝජන තැන්පතු සඳහා ලංකාවේ ඉහළ පොලී අනුපාතිකයක් ලබාදෙමින් ගනුදෙනුකරුවන් අතර ඉහළ විශ්වාසයක් දිනා ගත් අප දැන් ඔබේ පහසුව වෙනුවෙන් නවතම ස්ථාවර තැන්පත් හා ආයෝජන ගිණුම් රැසක් හඳුන්වා දී ඇත්තෙමු.

ඔබගේ ආයෝජනයට අප තෝරාගත යුත්තේ ඇයි?

  • ආකර්ශනීය පොලී අනුපාතික
  • ආයෝජනය සඳහා ඉහළ ආරක්ෂාවක්
  • අන්තර්ජාල බැංකු සේවාව
  • SMS බැංකු සේවාව
  • දුරකථන බැංකු සේවාව
  • ඕනෑම ශාඛාවකින් ගනුදෙනු කළ හැකි වීම

වැඩි විස්තර සඳහා, අපගේ ආයෝජන ගිණුම් පරීක්ෂා කරන්න

ආයෝජන තැන්පත්

ඔබ සොයන්නේ කෙටි කාලීන ආයෝජනයක් වුවත්, දිගු කාලීන ආයෝජනයක් වුවත් ඔබට සුදුසු හා සුරක්ෂිත විසඳුම් සැපයීම සඳහා දුම්බර සණස බැංකුව සූදානමින් සිටී.

ඔබ විසින් අපගේ ආයෝජන ගිණුමක් ආරම්භ කළ යුත්තේ ඇයි?

  • ආයෝජන ඉලක්කය හා ආයෝජන කාල සීමාව ගනුදෙනුකරු විසින් තෝරාගත හැකි වීම.
  • සාමාන්‍ය ඉතිරි කිරීමේ ක්‍රම සමඟ සැසඳීමේ දී ඉහළ පොලී අනුපාතිකයක් ලබා ගත හැකි වීම.
  • දෛනිකව සුළු ප්‍රමාණයකින් ඉතිරි කිරීමේ අවස්ථාව සලසමින් ගිණුම් හිමියන්ගේ වෙත  පැමිණෙන බැංකු පහසුකම්.

ආශ්‍රිත සාමාජික ස්ථාවර තැන්පත්

දුම්බර සණස බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා ඔබ අප බැංකුවේ ගනුදෙනුකරුවෙකු වීම අත්‍යවශ්‍ය නොවේ. ඔබ බැංකුවේ ගනුදෙනුකරුවෙකු නම් මාසිකව හෝ වාර්ෂිකව ලැබෙන පොලිය ඔබේ ගිණුමට නියමිත දිනයේදීම ලබාගැනීමේ පහසුකම සැලසේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ?

  • ඔබගේ ස්ථාවර තැන්පතුව සඳහා උපරිම ආරක්ෂාව.
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතික.
  • තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය අත්තිකාරම් වශයෙන් ක්ෂණිකව මුදල් ලබාගැනීමේ පහසුකම.

සාමාජික ස්ථාවර තැන්පත්

ඉහළ ප්‍රතිලාභ ලැබෙන ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කර ප්‍රතිලාභ ලැබීමට කැමති ඔබ වෙනුවෙන් අපගේ ස්ථාවර තැන්පතු හඳුන්වා දී ඇත. ඔබට අවශ්‍ය කාල සීමාවක් දක්වා ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකි වේ. ඔබ අප බැංකුවේ සාමාජිකයකු නම් ඔබට රු. 5,000/- ක අවම තැන්පතුවක් සමගින් තනි පුද්ගල හෝ බද්ධ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැක.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ?

  • ඔබගේ ස්ථාවර තැන්පතුව සඳහා උපරිම ආරක්ෂාව.
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතික.
  • රු.5,000/-වැනි මුදලකින් පවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වීම.
  • තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය අත්තිකාරම් වශයෙන් ක්ෂණිකව මුදල් ලබාගැනීමේ පහසුකම.